6. Eclipse download කර ගැනීම සහ install කර ගැනීම

Eclipse download කර ගැනීම සහ install කර ගැනීම.

දැන් ඔබට හිතෙන්න පුලුවන් Java හැදින්වීම පාඩමේදී කියු පරිදි program compile කිරීමත් run කරගැනීමත් ලෙසිනෑ එපා වෙනවනේ කියල.
හම්.. අැත්තටම cmd මගින් මේ වැඩේ එපා වෙනව වගේම කාලයත් වැය කිරීමට සිදුවෙනව. මොකද අපි program එක වෙනස් කරන සැම වෙලාවකම save කර compile කර run කිරීමට වීම. එ්වගෙම notepad වැනි text editor භාවිතා කර program ලිවීමේදී අකුරු වැරදීම්(spell mistakes) සාෙයා ගැනීමට අපහසු වෙනවා මෙන්ම තවත් විශාල අපහසුතාවයන් තිබේ.

මෙන්න මේ දේවල් නිසා IDE(Integrated Development Environment) text editor වෙනුවට භාවිතා කරයි. java program කිරීමට IDE ගොඩක් අැති මුත් ඉන් ගොඩක් දියුණු සහ ප්‍රසිද්ධ IDE වනුයේ EclipseNetbeans IntelliJ IDEA ප්‍රධාන වේ. මෙතැන් පටන් මම Eclipse IDE භාවිතයෙන් programming කරනු ලැබේ. අපි මුලින්ම බලමු කොහාෙමද Eclipse download සහ install කර run කර ගන්නෙ කියල.

මුලින්ම eclipse.org මෙම web අඩවියට ගිහින් download කර ගන්න. පහත රූප පරිදි.



ඔබ zip file එක වුනත් .exe වුනත් ප්‍රශ්ණයක් නැත. නමුත් මම Java Developer IDE zip package එක භාවිතා කරයි. මෙහි අැති වාසිය වනුයේ අපට Java programming සදහා IDE එක configure කර ගැනීමට අවශ්‍ය නොවීමය.

හරි දැන් download කරගත් .zip file එක right click කර ඔබට අවශ්‍ය තැනට extract all දෙන්න. දැන් extract කර ගත් folder එකට ගියාම eclipse.exe file දැක ගන්න පුලුවන්. පහත රූපයේ පරිදි.

 දැන් මෙම icon එක මත දෙවරක්(Double) click කරන්න. දැන් තව window එකක් දිස්(pop up) වෙයි. එතනදී ඔබ project එක save කරන තැන ලබා දෙන්න. ඔබ මෙම ස්ථානයේ සෑම විටම project එක save කරනවා නම් පහත රූපයේ පරිදි හරි ලකුණක්(tick) ලබාදී ok කරන්න. ටික වේලාවකින් eclipse IDE එක open වෙයි.

Eclipse IDE එක භාවිතා කිරීමේදී ඔබට text editor එකේ මෙන් codes සැකසීමට(indent & arrange) කිරීමට අවශ්‍ය නොවේ, code කිරීමේදී keywords(Java language එකේ භාවිතා වන වචන)  වෙනත් පාටකින්(color වීම) දිස් වීම සහ වැරදියට type කර තැන් හෝ errors සහ warnings අැති තැන් පෙන්වීම සහ අපට program එක compile කර run කර ගැනීමට එක button එකකින් පුලුවන් වීම. මෙතැන් සිට cmd(command prompt) අවශ්‍ය නොවේ. දැන් නම් coding so fun :D



ඊළග post එකේන් notepad එකේ සකස් කරගත් fistprogram එකම eclipse IDE එකේ run කර ගන්නා අාකාරය බලමු. තෙරුනේ නැතිනම් හෝ වෙනයම් ගැටලුවක් තිබෙනවනම් comment එකක් දාන්න. පාඩම් මාලාව හොදනම් යළුවන්ටත් කියන්න. facebook page එකට like එකක් දාන්න. eclipse download video එකත් අවශ්‍ය නම් බලන්න. 

No comments:

Post a Comment

Java data types in Sinhala