7. Eclipse භාවිතයෙන් පළමු program එක

Eclipse භාවිතයෙන් පළමු program එක

   කලින් post එකෙදි eclipse install කර open කරගන්නා අාකාරය බැලුවා. දැන් අපි බලමු java FirstProgram(notepad එකේ සකස් කරගත් program) එක type කර run කරගන්නා අාකාරය සහ එම program එක ක්‍රියා කරන අාකාරය. මුලින්ම project එකක් create කරගැනීමට අව්‍යශයි ඒ සඳහා File -> New -> Java Project click කරන්න. දැන් ලැබෙන window එකෙහි Project name First Program ලෙස හෝ ඔබට
කැමති නමක් ලබාදී Finish button එක click කරන්න. පහත රූප පරිදි





  අපි මේ සාදන ලද project එකේ තමයි අපගේ java files සහ අනෙකුත් program එකට අවශ්‍ය සියළුම files අඩංගු වනුයේ. ඔබට eclipse IDE එකෙහි එක පැත්තකින් Package Explorer යනුවෙන් window එකක් දැක ගත හැක. එම window එක නැත්නම් eclipse IDE එක උඩම අැති menu bar එකේ window click කර Show view click කර එහි අැති Package Explorer click කරන්න. දැන් ඔබට Package Explorer දැක ගත හැක. තෙරුනේ නැතිනම් පහත රූපය බලන්න.



  දැන් ඔබට පේනව අැති අපි සාදාගත් First Program කියන project එක. එය මත double click කරන්න. එවිට තවත් src යනුවෙන් folder එකක් අැත. මෙම folder එක අැතුලෙ තමයි අප Java files save කරගනු ලබනුයේ. මෙම src යනු source යන වචනයෙහි කෙටි යෙදුම වේ. හරි දැන් src කියන folder එක මත right click කර New -> class click කරන්න. දැන් ලැබෙන window එකෙහි name කියන තැන FirstProgram යනුවෙන් type කර පහලින් තිබෙන public static void main(String[] args) ඉදිරියෙන් අැති checkbox
එක(කොටුව) මත click කරන්න. එවිට පොඩි හරියක්(tick එකක්) වැටෙයි. දැන් Finish button එක click කරන්න. පහත රූපය පරිදි.



  මතක තබා ගන්න අපි project එකක් අළුතින් create කරද්දි project name එකට හිස්තැන්(space) තැබුවත් Java file create කරන විට space තැබිය නොහැක. නම එකට තිබිය යුතුය. එම නිසා ඔබ Java file create කරන විට FirstProgram.java හෝ First_Program.java වැනි අාකාරයන්ට වචන එකතු කර java file create කර ගන්න. තවත් වැදගත් දෙයක් තමයි අපි Java file create කරන විට file name එකෙහි මුල් අකුර capital අකුරක් භාවිතා කිරීමට. මෙය අත්‍ය අවශ්‍ය නොවන අතර මෙසේ භාවිතා කිරීම හොද පුරුද්දකි(good practice). හරි දැන් FirstProgram.java file එක open වෙලා තියෙන්න ඔින පහත රූපයේ පරිදි



ඔබට මතක අැති අපි notepad එකේ type ගත්තෙ මෙම program එකමයි නමුත් එක පේළියක් අඩුයි. එම පේළිය අපිට type කරගන්නට වෙනවා එ් සදහා //ToDo  යන පේළියට පහලින් System.out.print("Hello World"); යනුවෙන් type කරන්න. මතක අැතිව System කියන වචනයේ පළමු අකුර capital S භාවිතා කරන්න. එයට හේතුව තමයි System කියන වචනය Java keyword(Java language එකට අයිති වචන උදා- System, out, print, class සහ තවත්..) එකකි. පේළියේ අවසානයට ;(semicolan) ලබා දෙන්න. ;(semicolan) මගින් පේලිය(statement) අවසාන(terminate) කරනු ලබයි.



 අවසාන වශයෙන් උඩින් ඔබට කොළ පාට play button දැක ගන්නට අැති එම button එක click කරන්න. නැතිනම් menu bar එකෙහි Run -> Run click කරන්න.



දැන් ලැබෙන කුඩා window එකෙන් අසනු ලබන්නේ file එක save කරන්නද කියාය. මෙම window එකේ පහල අැති checkbox එක(කාෙටුව) click කර ok button එක click කරන්න.



හම් අන්තිමට ඔබට දැක ගන්න පුළුවන් පහල window එකක(console window) Hello World යනුවෙන් දිස්වනව. මෙම console window එක තුල තමයි අපි print කරන සහ error messages සහ අනෙකුත් දේවල් print වනු ලබන්නේ.


මෙම Hello World යන වචනයම cmd එකේ run කරද්දි දැක ගන්න ලැබෙන්න අැති. දැන් අපට Java programming කිරීමට සියළු දේ සූදානම් සහ කරදර වීමට සහ තෙරුම් ගැනීමටද අපහසුවක් නැහැ. එ්වගෙම කාලයද ගොඩක් වැය වෙන්නැහැ. මෙම code එකෙන් වෙන දේ සහ තවත් මූලික කරනා(Basic syntax) කිහිපයක් ඊළග post එකෙන් කියන්නම් මොකද මෙම post එක ටිකක් දිග වැඩි නිසා .

මෙම පාඩම හා සම්බන්ද ප්‍රෂ්ණ අැතිනම් comment කරන්න. තෙරුන්නැත්නම් අඩුපාඩු අැතිනම් එවත් කියන්න. අවශ්‍ය නම් Youtube video එකත් බලන්න. Facebook page එකට like එකක් දාන්න. කියවන්නත් programming පුරුදු වෙන්නත් කම්මැලි වෙන්න එපා. අමාරුවෙන් හරි කියවල ඉගන ගන්න ප්‍රෂ්ණ තියනවනම් අහාගෙන java developer කෙනෙක් වෙන්න හෝ programming පැතතෙන්(field එකෙන්) ඉදිරියට යන අයට උපරිම උදවු කරන්න තමයි slcoder නිර්මාණය කර තිබෙන්නෙ. මොකද programming දැනට තිබෙන සහ ඉදිරියටද jobs වැඩියෙන්ම තිබෙනත් සල්ලි වැඩියෙන්ම හම්බ කරන්න පුළුවන් field එක තමයි මේ. ඉදිරියේදි මේ හැම දෙයක් ගැනම වැඩිපුර කථා කරමු.
Also watch:

No comments:

Post a Comment

Java data types in Sinhala