8. පළමු program එක තේරුම් ගමු

පළමු program එක තේරුම් ගමු.

කලින් post එකෙදි eclipse භාවිතයෙන් project එකක් create කරගෙන Java file එකක් සදා code එක run කර ගන්නා අාකාරය පෙන්නුවා. මේ post එකේදි සහ ඉදිරි post මගින් project create කරන අාකාරය සහ run කරන අාකාරය සදහන් කරන්නෙ නැහැ. මතක නැතිනම් හෝ කියෙව්වෙ නැතිනම් කලින post එක(eclipse IDE install) කියවන්න.මේ post එකේදි බලමු FirstProgram එකේ code එකෙන් මොකද වෙන්නෙ කියල.
පළමු පේළියේ අැති public class FirstProgram{ මෙම public සහ class කියන keywords දෙක සැම Java program එකකදීම භාවිතා වේ. FirstProgram යනු අපි program එකට ලබාදුන් නමයි. මෙම නම class name යනුවෙන් හදුන්වයි. public keyword එක ගැන සහ class ගැන මෙම පාඩම් මාලාවේ අවසාන පාඩම් වලින් සරලව කියා දෙනවා. මොකද class කියන්නෙ ගොඩක් වැදගත් සහ ගොඩක් මේ ගැන ඉගන ගන්න තියනවා. එම නිසා post මුල ඉදන් කියවන්න නැතිනම් තේරුම් ගැනීමට අපහසු වෙන්න පුළුවන්. දැනට මෙම public class keyword දෙක ගැන වැඩිය හිතන්න එපා.



මේ keyword(මූලපද) කියන්නෙ ඹ්නෑම programming language එකකට අාවේනික වචන වේ. උදාහරනයක් ලෙස ඉහලදී සදහන් කර public යනු Java language එකට අාවේනික වන වචනයකි. මෙම වචන වැරදියට type කරනව නම් දොෂ(error) දිස් වේ. මෙම keywords අකුරු capital, simple නිවරදිව භාවිතා නොකිරීම මගින්ද errors දිස් වේ. අප code කිරීමට eclipse IDE භාවිතා කරන නිසා මෙම keywords මග හැරීම වැරදීම් වැනි බොහෝ errors එම වචනය යටින් රතු පාටින් error එකක් අැති බව පෙන්වයි. මෙම keywords වැරදියට type කිරීම හෝ අඩුවෙන් type කිරීම හෝ ; : {} () මෙම සලකුණු නිවරදි ලෙස භාවිතා නොකිරීම syntax error වශයෙන් හදුන්වයි. මෙම වචනය මතක තබා ගන්න. තව පහළින් word glossary කියා මෙම post එකේ භාවිතා වන වැදගත් වචන අඩංගු කර තිබෙනවා ඒවත් බලන්න. syntax error eclipse තුල දිස්වන අාකාරය පහත රූපයෙන් බලන්න.




හරි දැන් පේලියේ තිබෙන public static void main(String[] args){ යන පේළිය ඉදිරි පාඩම් තුලින් ගැඹුරින් පැහැදිලි කරනව දැනට මතක තබා ගන්න මෙයට කියන්නෙ ප්‍රධාන(main) function/method කියාය. අපි program එක run කරන විට මුලින්ම සිදුවනුයේ මෙම function එක අැතුලෙ තිබෙන එහෙම නැතිනම් {}(සගල වරහන්) තුල තිබෙන codes run වීමයි. බය වෙන්න එපා නැවත කියනව මොකද මීට පෙර ඉගන ගැනීමට අවශ්‍ය දේවල් කියන්නම් එවිට මෙම functions තෙරුම් ගැනීම පහසු වේ. එතකන් මෙම code පේළිය ගැනත් වැඩිය හිතන්න එපා නමුත් මෙම functions එක තුල තමයි අපි මුල් පාඩම් වල codes type කරනු ලබන්නේ. functions එක තුල කියුවෙ පහත රූපයේ රතු පාටින් සලකුණු කර අැති කොටස වේ.



මෙම සලකුණු කර තිබෙන කොටසට නැතිනම් සගල වරහන්(curly bracket) අැතුලෙ කාෙටසට කියන්නේ code block එකක් නැතිනම් scope එකක් කියාය. තවද scope/codeblock එකක අරම්භය සහ අවසානයද මෙම curly braces මගින් සදහන් කරයි. දැන් අපි බලමු සෑම Java code එකකම භාවිතා වන සලකුණු(symbols) මොනවද කියා.

සලකුණ(Symbol)සිංහල තේරුමඉංග්‍රීසි තේරුම
.ඩොට්dot/period
,කොමාcomma/exclamation mark
()වරහන්(පැරැන්තතිස්)paranthesees/brackets
{}සගල වරහන්(කර්ලි බ්රැකට්)curly bracket/curly braces
;සෙමි කෝලන්semicolan
:කෝලන්colan
[]කොටු වරහන්(ස්ක්වෙයා බ්රැකට්)square bracket
-ඩැෂ්dash
_අන්ඩර්ස්කොundersquore
/ඉදිරියට අැල ඉර(ෆෝවර්ඩ් ස්ලැෂ්)forward slash
\පසු පසට අැල ඉර(බැක් ස්ලැෂ්)back slash
%ප්‍රසන්ටෙජ් සලකුණpercentage mark
'පෙරලි කොමා(සින්ගල් කාේට්)single quote
"පෙරලි කොමා(ඩබ්ල් කෝට්)double quote
|පයිප්‍ ලයින්pipe line
*තරු ලකුණ(අැස්ට්‍රක්)astrick/star
මෙම සලකුණු මතක තබා ගැනීමේදී English වචනය මතක තබා ගන්න. පාඩම් කරීමට අවශ්‍ය නැහැ බාවිතා කරන විට පුරුදු වෙයි.

public class FirstProgram{
  public static void main(String[] args){
     //මෙන්න මේ කොටසෙ තමයි අපි code කරනුයේ.
  }
}
 
තව එක දෙයක් මග හැරුන ඒ තමයි උඩ code එකේ සිංහලෙන් ලියා තිබෙන තැන තිබූ System.out.print(); යන පේළිය. මෙම පේළියෙන් සිදු වනුයේ () අැතුලෙ තිබෙන Hello World කියන මෙම වචනය තමයි run කරන විට ලැබෙනුයේ(output).

තවත් වැදගත් දෙයක් තමයි අපි program එකක් run කරන විට ලැබෙන output සහ errors eclipse IDE හි දිස්වනුයේ console window තුලය.




ඔබට මෙම console දැක ගැනීමට නොහැකිනම් Window -> Show view -> console click කරන්න.

System.out.print() හි parenthesis(වරහන්) අැතුලෙ තිබෙන Hello World දෙපසෙහි double quote(")  යොදා තිබෙන දැකගන්නට පුළුවන්. මෙයින් හදුන්වනුයේ String නැත්නම් text(අකුරු) භාවිතා කරන බවය. අපි මෙවාගේ අකුරු(text) භාවිතා කරන විට double quote(") හෝ single quote(') නොයෙදුවාෙත් Java language එකට මෙම අකුරු(text) හදුනා ගැනීමට නොහැක මොකද Java language එකට හදුනා ගැනීමට හැකි වනුයේ keywords පමණි. ඉතින් අපි මේ භාවිතා කරනුයේ keywords නොව අපට අවශ්‍ය text භාවිතා කිරීමට බව Java හදුනා ගනු ලබන්නේ මෙම double හෝ single quotes මගිනි. උදාහරණයක් විදියට ඔබට පුළුවන් "Hello World" වචනය දෙපසෙහි අැති double quotes ඉවත් කරන්න. එවිට ඔබට දැක ගන්නට පුළුවන් error එකක් පෙන්වනව. Error එකක් පෙන්නුවෙ නැතිනම් run කර බලන්න.

තවද ඔබට මෙම System.out.print() අැතුලෙ "Hello World" වෙනුවට වෙන ඕනම දෙයක් type කරන්න. නිදසුනක් විදියට "SLCoder" type කර run කර බැලුවොත් SLCoder output/print වෙයි.

පහතින් අැති කාර්යයන් උත්සහ කර බලන්න.


  1. "Hello World" වෙනුවට ඔබගේ නම double quotes තුල යොදා run කර බලන්න.
  2. Text(අකුරු) වෙනුවට numbers(ඉලක්කම්) double quotes තුල යොදා run කර බලන්න. උදාහරණයක් විදියට System.out.print("23");
  3. Double quotes නොමැතිව numbers(ඉලක්කම්) යොදා run කර බලන්න. උදාහරණයක් විදියට System.out.print(23);
දැන් ඔබට වෙනස තේරේවි . අකුරු print(console window එක තුල දිස් වීමට) කරන්න double quotes(") හෝ single quotes(') භාවිතා කරන්න වෙනවා. මෙවට String කියනව. එසේම අපිට numbers(ඉලක්කම්) String විදියට print කර ගන්න ඕනනම් double quotes(") හාේ single quotes(') භාවිතා කරන්නම වෙනව.

නමුත් අපට ඉලක්කම් print(output එක console එකෙහි පෙන්වීම) කර ගැනීමට අවශ්‍ය නම් double(") හෝ single(') quotes නොමැතිව යොදන්න වෙනවා(String අාකාරයට නෙමෙයි). මෙම numbers වලට කියනව integers කියල.

මෙම post එක දිග වැඩි නිසා ඊලග post එකෙන් මෙම strings සහ numbers ගැන වැඩියෙන් විස්තර කරන්නම්. ප්‍රශ්ණ තියනවනම් කියන්න වැරදි අඩු පාඩුු තියනවනම් ඒත් කියන්න. ඊලග post එකෙන් හමු වෙමු.

No comments:

Post a Comment

Java data types in Sinhala