5. Java පළමු java program එක

පළමු java program එක

        අපි දැන් බලමු Java පළමු program එක code කර run කරගන්නා අාකාරය. මේ සදහා notepad හෝ වෙනත් text editor එකක් භාවිතා කල හැක.
        ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක් තමයි මොකක්ද මේ Hello World කියන්නෙ කියන එක මොකද සෑම programming language එකකම මේ වචන දෙක භාවිතා වන නිසා. වැඩි දෙයක් නැහැ.. Hello World කියන්නෙ ඔීනම programming language එකක් මුලින් ඉගන ගැනීමේදී පළමු program එක සදහා භාවිතා කරන වචන දෙකකි. මෙය 1974 C programming language පොතක අත්හදා බැලීමේ පණිවිඩයක් ලෙස භාවිතා කර තිබේ. ඉන් පසුව ජනප්‍රය වී අැත.
       පළමුව ඔබ මේ පහලින් තිබෙන code එක මේ අාකාරයෙන්ම type කර ගන්න. නැත් නම් ඔබගේ text editor එකට copy & paste කර ගන්න.


public class FirstProgram{
 public static void main(String[] args){
  System.out.print("Hello World");
 }
}

Code එක දැකල බය වෙන්න කලබල වෙන්න එපා. පසුව පැහැදිලි කරනු ලබන නිසා දැනට පරීක්ෂා කර බලමු. මෙම program එක තමයි Java හි භාවිතා වන ප්‍රධාන program එක.

දැන් මෙම code එක C drive එකේ java යනුවෙන් folder එකක් සාදා එයට save කරගන්න.

save කර ගැනීමට File -> Save හෝ(ctrl + s) ගොස් File Name යන තැනට FirstProgram.java යනුවෙන් type කර save button එක click කරන්න. මතක තබගන්න file name එක දෙන විට අනිවර්යයෙන්ම උඩ program එකේ පළමු පේලියේ අැති FirstProgram කියන නම සහ save කරන විට දෙන නම එක සමාන විය යුතු අතර එම නම අවසානයට .java එකතු විය යුතුය. නැතහොත් Error message(දෝෂ පණිවුඩ) යක් දිස්වේ

මේ .java යනු File extension(save කරන file type) එක වේ. මෙම .java ලබා නොදුන්නොත් java program file එකක් විදියට හදුනා ගැනීමට නාෙහැක. පහත රූපය බලන්න.



අවසාන පියවර වශයෙන් command prompt(cmd) run කර(start menu එකට ගිහින් cmd යනුවෙන් search කරන්න). දැන් cmd හි ඔබට දැක ගත හැකි පරිදි file path එකක් දිස් වේ. අප java program එක save කරනු ලැබූ තැන වන C drive එකෙහි java folder එක වෙත මෙම path එක සකසා ගැනීමට අවශ්‍ය වේ.

මෙයට හේතුව වන්නේ java program එක compile කර run කර ගනු ලබන cmd ට අපගේ java program එක හදුනා ගැනීමට නොහැකි වීමය. එම නිසා cmd විසින් අපගේ java program එක තිබෙන folder එකට යාමෙන් program එක compile කර run කර ගත හැක.

java file එක තිබෙන තැනට යාමට පහත පියවර අනුගමනය කරන්න.‍

cd \  type කර enter කරන්න. cd කියන්නෙ change directory(දැනට සිටින folder එක වෙනස් කිරීම). \ (back slash) යොදනුයේ root directory(ප්‍රධාන folder) එකට යාමටය. ප්‍රධාන folder  එක වනුයේ C drive එකය. ඊළගට

cd java යනුවෙන් type කර enter කරන්න. දැන් අප සිටින c drive එකෙන් සාදා ගත් java folder එකට යාමට.

දැන් සිටිනුයේ අප සාදා ගත් java folder එක අැතුලෙය(C:\java>). ඊළගට

javac FirstProgram.java  ලෙස type කර enter කරන්න. මෙතනදී සිදුවන්නේ අප type කර ගත් java program එක compile කිරීමයි(byte code බවට පත් කිරීම). දැන් program එක run කර ගත හැක. මේ සදහා

java FirstProgram යනුවෙන් type කර enter කරන්න. එවිට Hello World යනුවෙන් පහත රූපයේ පරිදි දිස් විය යුතුය.


දැන් ඔබ java folder එකට ගිහින් බැලුවොත් ඉහල රූපයේ පරිදි FirstProgram.class යනුවෙන් file එකක් දැක ගත හැක. එම file එක compile කරන වේලාවේදී සැදෙනු ලබන byte code file එක වේ. අප run කරනු ලබනුයේ මෙම file එකය. 

මෙම post එක පිළිබද ගැටලුවක් හෝ දෝෂයක් අැත්නම් comment එකක් දාන්න.නැත්නම් slcoder - java first program video එක බලන්න.

Also look at this video:

No comments:

Post a Comment

Java data types in Sinhala