4 . Java download සහ install කරගන්නා අාකාරය

JDK(Java Development Kit) download සහ install කරගන්නා අාකාරය

      Java program එකක් Text Editor එක් භාවිතා කර type කර ගත හැකි වුවත් program එක compile කර run කර ගැනීමට අවශ්‍ය වේ. මෙය සිදු කර ගැනීමට java Development Kit(JDK) අවශ්‍ය වේ.

මොකක්ද compile කියන්නෙ

     Compile කරනවා කියන්නෙ java programming language එක අපට තෙරුම් ගත හැකි වුවත් එය පරිගණකයට තෙරුම් ගැනීමට නොහැක. ඒ සදහා අපගේ program එක(Human Readable Language) පරිගණකයට තෙරුම් ගත හැකි පරිදි සකස් කිරීමට අවශ්‍යය(Machine-Code). මෙය compile නමින් හදුන්වයි. මෙම Machine Code අපට තෙරුම් ගැනීමට නොහැක.

මොකක්ද compiler කියන්නෙ

    compiler යනු programming language එකක් භාවිතයෙන්  සකස් කර ගත් program එක  computer language එකක් මගින් binary බවට පත් කර ගැනීම වේ. මෙය Object code වශයෙන් හදුන්වයි.

    බය වෙන්න එපා??? මෙම compile කිරීම කරනු ලබන්නේ JDK විසිනි.

    මුලින්ම මෙම Download JDK click කර JDK latest(දැනට තිබෙන) version එක download කර ගන්න. දැනට තිබෙන version එක වනුයේ JDK 8 වේ.
SLCoder- java basics

ඉන් පසු download කර ගත් JDk එක සාමාන්‍ය පරිදි install කර ගන්න. Java programs compile සහ run කර ගැනීමට තවත් පාෙඩි දෙයක් කර ගැනීමට අවශ්‍ය වේ. 
    Command prompt(cmd) run කර java යනුවෙන් type කර Enter කරන්න. එවිට මෙවැනි error message එකක් දිස් වේ. command prompt run කර ගැනීමට start menu click කර cmd යනුවෙන් type කර search කරන්න. නැත්නම් windows key එකත් සමග r අකුර press කරන්න.



මෙයට හේතුව වනුයේ command prompt විසින් java compiler හදුනා නාෙගැනීමයි.

     මේ සඳහා Java install වු තැනෙහි(path) අැති bin folder එකට යන්න. සමාන්‍යයෙන් java install වනුයේ C:\Program Files\Java\jdk1.8.0_71\bin හෝ C:\Program Files (x86)\Java\jdk1.8.0_40\bin වේ. මෙම path version අනුව වෙනස් විය හැක.

පහත රූපයේ පරිදි path එක copy කර ගන්න.



     ඉන් පසු My Computer right click කර properties වෙත ගොස් Advanced System Setting වෙත යන්න. එහි අැති Environment Variables button එක press කරන්න.(පහත රූප පරිදි)



          දැන් අපි copy කර ගත් path එක මෙම new button එක click කර variable name කියන තැනට java path යනුවෙන් හෝ ඔබට කැමති නමක් දී variable value කියන තැනට copy කරගත් path එක paste කරන්න.(පහත රූපය බලන්න) ඊලගට ok button එක click කර නැවත අනෙක් window එක apply ok කරන්න.

          අවසාන වශයෙන් command prompt වෙත ගොස් java යනුවෙන් type කර enter කරන්න. දැන් ඔබට java version එක සහ තවත් තොරතුරු ගොඩක් දිස්විය යුතුය.(පහත රූපය බලන්න)



දැන් අපට java programs compile and run කර ගත හැක. Install කර ගැනීමේදී හෝ මේ හා සම්බන්ද ප්‍රශ්ණ අැත්කම් comment එකක් දාන්න නැත්කම් java install කිරීම slcoder video එක බලන්න. පළමු program එක(simple first program) සකස් කර run කර ගන්නා අාකාරය බලමු.

If unclear please watch this video:

No comments:

Post a Comment

Java data types in Sinhala