3. Java හි අතීතය(History of java)

මෙම Java history දැන ගැනීමට පමණයි. මතක තබා ගැනීමට අවශ්‍ය නොවේ. ඊලග පාඩමේ සිට java programming(ක්‍රම ලේඛනය) පටන් ගනු ලැබේ.

Java හි අතීතය(History of java)

 අැමරිකානු පරිගනක අායතනයක් වන Sun Micro system "The Green Project" නමින් ව්‍යාපෘතියක්(project) අරම්බ කරන ලදි. මෙහි ප්‍රධාන අරමුණ වුයේ portable programming language එකක් නිර්මාණය කිරීමටය.
Java සොයාගත් පුද්ගලයා - James Gosling

      මුලින් මෙම සොයා ගත් programming language එක නම් වුයේ Oak ලෙසිනි. මීට හෙතුව වුයේ Oak නැමැති ශාකය රටවල් කිහිපයක ජාතික ශාකය විමත් එහි අැති ශක්තිමත් බාවයත් නිසාය.
      1995 දී මෙම Oak කියන නම වෙනස් කිරීමට Green team(Oak language එක නිපදවු කණ්ඩායම) කටයුතු කෙරුනි. නම් කරන ලද නම් කිහිපයක් අතුරින් "silk" යන නම පළමුවත් "java" යන නම හතර වෙනි තැන තිබී අැත. පසුව කණ්ඩායම් සාමාජිකයන්(team members) අතර සකච්ඡාවකින් අනතුරුව java යන නම තෝරා ගෙන අැත.
      Java යන නම තෝරා ගෙන අැත්තේ Indonesia යන රටෙහි දුපතක් වන java විසින් පළමු Coffee නිෂ්පාදනය ඉදිරිපත් කෙරුනු බැවිනි(සීතල රටවල මිනිසුන් coffee පානයට ගොඩක් කැමතිය).
      Java පොදු බවට පත් කරනුයේ 1995 වසරේදිය. Write Once, Run Anywhere(එකවරක් code කර, ඔනම තැනක run කිරීම) යන වැකියත් සමග ප්‍රසිද්ධ විය. 1995 සිට java දියුණු වෙමින් පැවති අතර පළමු සංස්කරනය(version) වුයේ

  • JDK 1.0 මෙය 1996 දි ඉදිරිපත් වුනි.
  • JDK 1.1 1997 වසරේදී පළමු version එක(JDK 1.0) වැඩි දියුණු වුයේ inner classes, javaBeans, JDBC, RMI සහ Reflection යන තාක්ෂණයන්ගෙන්ය.
  • J2SE 1.2 version එක 1998 වසරේදී නිකුත් විය. මෙහි java swing graphical API, java plug in, collection framework සහ JIT compiler අඩංගුවිය.
  • J2SE 1.3 2000 වර්ෂයේදී නිකුත් විය. Hotspot නමින් JVM සංස්කරණයද, java sound API, JNDI interface සහ debugging Architecture ප්‍රධානව අඩංගු විය.
  • J2SE 1.4 සංස්කරණයෙහි Regular Expression(RegEx), logging API Security සහ Cryptography . ප්‍රධනව අඩංගු විය. මෙය 2002 වර්ෂයේදී නිකුත් විය.
  • J2SE 5 2004 නිකුත් වු version එකයි. මෙහි variable argument, for-each වැඩි දියුණු වීම් සහ metadata and enumeration ප්‍රධනව අඩංගු විය.
  • J2SE 6 version එකෙහි JDBC 4.0 සංස්කරණයද GUI වැඩි දියුණු වීම් සහ තවත් කාර්යක්ෂමතාවයන් වැඩි දියුණු කර අැත.
  • 2010 වසරේදී Oracle සමාගම Sun micro system අායතනය මිළට ගැනුනි.
  • ඉන් පසුව J2SE 7 version එක නිකුත් වුයේ strings, switch statement සහ try catch සමග 2011 වර්ෂයේදීය.
  • J2SE 8 version එක 2014 වසරේදී නිකුත් වුයේ lambda expression සමගිනි. දැනට භාවිතා වනුයේ මෙම version එකයි.

java versions ගැන සහ ඒවායේ අඩංගු වු සියලුම විශේෂාංගයන් දැන ගැනීමට මෙතන click කරන්න. තවද java 8 version ගැන කියවීමට Oracle web අඩවියට පිවිසෙන්න.

java නම යෙදු අාකාරය ගැන වැඩි විස්තර සදහා javaWorld. Also watch:

No comments:

Post a Comment

Java data types in Sinhala